Yahoo සමගින් විනෝද වෙමු…….

Posted by සුදර්ශන | Posted in Education, අධ්‍යාපන, අධ්‍යාපනය | Posted on 23-06-2009

අද මම ඔයාලට කියා දෙන්නෙ කොහොමද yahoo messenger Account කිහිපයක් එකම පරිගණකයක පාවිච්චි කරන්නෙ කියල. හැබැයි මේක නම් කරන්න ගිහින් නාගන්න නම් එපා මොකද මේක කරන්න අපිට registry edit කරන්න වෙනව. බය වෙන්න එපා ඒක එච්චර ලොකු දෙයක් නම් නෙමේ බලමුකො කොහොමද කියල :D මම ක්‍රම 2ක් කියල දෙන්නම් ලේසි ක්‍රමය ඔයාල භාවිතා කරන්න.

පළමු ක්‍රමය,

Start –> Run දැං Run කවුළුවෙ ටයිප් කරන්න regedit කියල ඊට පස්සෙ Enter කරන්න දැං registry editor කවුළුව විවෘත්ත වුනා නේද? දැං පිළිවෙලට Double click කර කර ඉස්සරහට යන්න  HKEY_CURRENT_USER ඊට පස්සෙ Software ඊට පස්සෙ yahoo ඊටත් පස්සෙ pager ඊලඟට Test කියන එකත් Double click කරන්න. හරි දැං ඔයාලට පේනව දකුණු පැත්තෙ කවුළුවෙ  Default කියල එකක් ඔයාල ඊ‍ට යටින් Right Click කරන්න New කියන එකට යන්න ඊට පස්සෙ ඒකෙ තියන DWORD Value කියන එක click කරන්න හරි ඒක Double click කරල value data කියන එකට 1 ටයිප් කරල Base කියන එකේ Decimal තෝරල OK කරන්න දැං වැඩේ 95%ක් ඉවරයි. :D හරි දැං ඔයාල එක්තු කරපු අළුත් New value#1 කියන එක Right Click කරල Rename කරන්න plural කියල. දැං නම් වැඩේ හමාරයි yahoo massenger click කරල එක Account එකකට ‍log වෙන්න දැං ආපහු yahoo massenger click කරන්න ‍කොහොමද තව එකකට log වෙන්න පුළුවං නේද ? :D

ඔයාලට මේ කරපු එක නැවත Disable කරන්න ඕන නම් ඔයාල අර 1 කියල ටයිප් කරපු DWORD Value එක 0 කරල OK කරන්න දැං තිබුනු තත්වෙම ඇති එහෙමත් නැති නම් අළුතින් එක්කල DWORD Value එකම DELETE කරන්න ඒත් හරි.

ඔයාලට පැහැදිලිව පෙනුනද අර උඩ තියෙන පින්තූර ටික :D  පෙනුන නම් ඔයා අසාමාන්‍ය හැකියාවක් තියෙන පුද්ගලයෙක් :D . ඒ පින්තූර වල තියෙන්නනෙ REGISTRY EDIT WINDOW එකේ ඒවා EDIT කරන විදිය බලන්න ඕන නම් CLICK එකක් දාල බලන්න.

දෙවන ක්‍රමය,

control panel එකට ගිහින් Folder Option යන්න ඒකෙ තියෙන View කියන Tab එකට ගිහින් hide extensions for known file types කියන එකේ තියෙන පුංචි tick එක ඉවත් කරල OK කරන්න. හරි දැං Desktop එකේ Right Click කරල New හරහා Text Document කියල ‍note pad file එකක් open කර ගන්න. (කෙසේ හෝ notepad file එකක් open කරගන්න) හරි දැං මම පහත සටහන් කරන ලද text ටික ඒකට paste කරන්න

Windows Registry Editor Version 5.00
[HKEY_CURRENT_USER\Software\yahoo\pager\Test]
“plural”=dword:00000001

දැං මේක save කරගන්න ඕන නිකම්ම නෙමේ Multiple logging enble.reg කියල නම දාල desktop එකේ හෝ ඔයාට ඕන තැනක save කරගන්න. බලන්න Registry file එකක්ද save උනේ කියල නැතිනම් පරික්ෂා කරන්න හරියට ‍folder option වලින් hide extensions for known file types කියන එකේ තියෙන පුංචි tick එක ඉවත් කරාද කියල හරි නම් බලන්න save කරන්න දෙන නමේ අගට .reg කියල දුන්නද කියල . හරි දැං reg ගොනුවක් හදාගත්තනෙ ඒක Double click කරන්න දැං ආව නේද yes හරි no හරි කරන්න menu එකක් ඒක yes කරන්න දැං ඒ ක්‍රමයත් හරි yahoo account 2ක් log වෙලා බලන්න :D හරි නේද ?

දැං මේක disable කරන විදියත් කියන්න ඕනනෙ ඉස්සෙල්ල විදියටම notepade එක open කරගන්න පහල තියෙන text එක paste කරන්න. ඒකෙ වෙනස dword value එක් 00000000 කරන එක විතරයි.

Windows Registry Editor Version 5.00
[HKEY_CURRENT_USER\Software\yahoo\pager\Test]
“plural”=dword:00000000

හරි දැං මේ ‍file එකත් ඉස්සෙල්ල වගේම save කරන්න ඕන ඒක අපි save කරමු Multiple logging disable.reg  කියල හරි දැං මේකත් ඔයාල ඉස්සෙල්ල save කරපු තැනටම save කරන්න. ඔයාලට multiple logging disable කරන්න ඕන උනාම මේ file එක double click කරල yes කරන්න එතකොට disable වෙනව.

වැඩේ සාර්ථක උනා නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා :D

අපි හැමෝම ආස කරන ගූගල් 1 ……

Posted by සුදර්ශන | Posted in Education, අධ්‍යාපන, අධ්‍යාපනය | Posted on 20-06-2009

මම ඔයාලට අද කියා දෙන්නෙ google talk එක්ක පුංචි සෙල්ලම් ටිකක් මොකද අපි ගොඩක් අය google භාවිතා කරන‍වනෙ  :) ඔයාට එකම පරිගණකයෙ එකම වෙලාවෙ ‍පුළුවන්ද google talk ගිණුම් කීපයක් විවෘත්ත කරල භාවිතා කරන්න පුළුවං කියන අය ඉන්න බව මම දන්නව මම මේ කියන්නෙ දන්නෙ නැති අයට පොඩ්ඩක් ඉගන ගන්න. හරිම ලේසියි ඉස්සෙල්ලම google talk Icon එකේ shortcut එකක් හදා ගන්නකො desktop එකට. (ඒක කරන්න නම් ඔයාල දන්නවනෙ Start menu එකේ google talk Icon එක click කරල Alt බොත්තම ඔබාගෙන desktop එකට දාන්න) දැං ඔයාල හදා ගත්ත Icon එක right click කරල Properties වලට යන්න (Icon එක click කරල Alt+Enter කලත් හරි) දැං බලන්න ඒකෙ Target කියන කොටුවෙ මොනවද තියෙන්නෙ කියල ඒකෙ අවසාන වචන කීපය තියෙන්නෙ Google Talk\googletalk.exe” /statrmenu කියල නේද හරි ඔයාල ඒකෙ startmenu කියන වචනෙ අයින් කරල ඒකට දාන්න nomutex කියල එතකොට අවසානයෙ තියෙන්න ඕන මේ විදියට \Google\Google Talk\googletalk.exe” /nomutex බලන්න හරිද කියල.

දැං ඉතිං වැඩේ හරි ඔයාල nomutex කියල ටයිප් කරානෙ දැං ඉතිං OK කරල බලන්න වැඩේ සාර්ථකද කියල ඔයාල හදපු shortcut එක භාවිතා කරන හැම සැරයක් පාසාම Google Talk අළුත් එක්ක Open වෙනව හැබැයි දැං ඒ සියල්ලම close කරල start menu එකේ තියන Icon එක විවෘත්ත කරන්න. ඒ Icon එක භාවිතා කලොත් එක google talk කවුළුවක් පමණයි විවෘත්ත වන්නෙ හරි නේද?

ඔයාල Google Talk එකේ අකුරු ලියන කොට අකුරු බෝල්ඩ් කරන්න ඕන උනාම මොකද කරන්නෙ…. ? මේකයි කරන්න ඕන ලියන වචන වල දෙපැත්තට තරු සලකුන දාන්න ( *example* )

දැන් බලමු කොහොමද අකුරු Italic කරන්නෙ කියල ඉස්සෙල්ල වගේම දැං කරන්න ඕන වචනේ දෙපැත්තට _ (underscore) යොදන්න ( _example_ )

මෘදුකාංග කීපයක සැඟවුනු තැන්…..

Posted by සුදර්ශන | Posted in Education, අධ්‍යාපන, අධ්‍යාපනය | Posted on 04-06-2009

  1. Mozilla Firefox සැඟවුනු තැන් කීපයක් දැම්ම ඔන්න ඹයාලත් උත්සහ කරල බලන්නකො address bar එකේ පහතින් දක්වා ඇති වදන් එකින් එක ඇතුල් කර Enter කර බලන්න :-)

    • about:Mozilla

    • about:robots

    • chrome://browser/content/browser.xul (මේක නම් ටයිප් කරල Enter කලාම තව address bar එකක් විවෘත්ත වෙනව ඒකෙත් මෙම වාක්‍ය ටයිප් කරල බලන්න දිගටම ගියොත් මුළු Screen එකම පිරෙයි :-) )


  1. MS Word (නව පිටුවක් විවෘත්ත කරගෙන පහත දැක්වෙන වාක්‍ය ටයිප් කර Enter කර බලන්න :-) )

    • =rand( )

    • =rand(3,5)

    • =rand.old( )

    • =rand.old(1,1)

    • =lorem( )

    • =lorem(5,5)

    • මේක භාවිතා කරල word වල sample text ගන්න පුළුවං වගේම වරහන් තුල ඉලක්කම් ‍2න් එකක් හෝ දෙකම බින්දුව =rand(0,1) දාල enter කරන්න ටයිප් කරපු එකත් අතුරුදහන්‍ වනව නේද :-)  .

වින්ඩෝස් XP මගින් විජ්ජාවක්…..

Posted by සුදර්ශන | Posted in Education, අධ්‍යාපනය | Posted on 01-06-2009

මෙන්න වින්ඩෝස් XP වලින් පුංචි විජ්ජාවක් කරන විදිය. ඉස්සෙල්ලම Taskbar එකේ right_click කරල properties යන්න දැං ආව නේද Task_bar_&_start_menu_properties කවුළුව ඒකෙ තියෙන Auto_hide_the_taskbar කියන එකේ තියෙන පුංචි tick එක ඉවත් කරල ok කරන්න.

දැං Taskbar එක බලන්න පේන්නෙ නෑ නේද. ආපහු screen එකේ පහලටම මූසිකය අරගෙන ගිහින් බලන්න ‍ඒක පේනව නේද ඕක නම් නෙවෙයි විජ්ජාව. දැං ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගෙ ති‍රයෙ තියෙන සියළුම කවුළු (Windows) ඉවත් කරන්න (Minimize or close) දැං යතුරු පුවරුවෙ තියෙන print_screen කියන බොත්තම ඔබල screen එකේ Image එකක් ගන්න.

Image එකක් ගන්න කිවුවට කොහොමද ගන්නෙ නේද MS_Paint විවෘත්ත කරන්න (Start>Run>mspaint) or (start>Allprograms>Accessories>Paint) ඔයාල ඉස්සෙල්ල print_screen බොත්තම එබුවනෙ දැං mspaint වල Edit>Paste මගින් හෝ (Ctrl+V) මගින් පිනතූරය ගන්න දැං ඉතිං ඔයාට කැමති තැනකට මේ Image එක් Save කරගන්න. දැං ඉතිං කරන්න තියෙන්නෙ save කරපු Image එක අපේ Desktop එකට ඇතුල් කරගන්න එක. හරි ඒක කරගන්න විදියත් මම කියන්නම් දන්නෙ නැති අයට Desktop එකේ Right Click කරන්න properties යන්න විවෘත්ත වුන කවුළුවෙ Desktop කියන Tab එකට ගිහින් Browse කරල ඔයා Image එක Save කරපු තැනට ගිහින් ඒක Open කරන්න දැං Ok කරල එතනින් ඉවත් වන්න

දැං ඔයාල වැඩෙන් 90%ක් කරල ඉවරයි. දැං කරන්න තියෙන්නෙ Desktop එකේ Right_click කරල Arrange_IconsBy>Show_Desktop_Icon කියන එකේ තියෙන Tick එක ඉවත් කරන්න

තත්පර කීපයකින් වැඩේ හමාර වෙනව. දැං බලන්න Desktop එකේ තියෙන Icon_Open කරන්න පුළුවන්ද කියල

ආපහු යාතා තත්වෙට පත් කරන්න Show_Desktop_Icon කියන Tick එක දාන්න

වින්ඩෝස් XP හි සැඟවුනු තතු…..

Posted by සුදර්ශන | Posted in Education, අධ්‍යාපනය | Posted on 31-05-2009

මේව දන්න අය නම් ඕන තරම් ඉන්න බව මම දන්නව ඒත් දන‍්නෙ නැති එක් කෙනෙක් හරි මේක බලල යමක් දැන ගත්තොත් ඇති. දන්න අයත් ඉතිං මේව මතක් කර ගමුකෝ……… දැනගෙන සද්ද නැතුව ඉන්න නම් එපා  ඒවත් කමෙන්ට් වලට දාන්න අමතක කරන්න එපා

1. සොලිටෙයා  ඉක්මනින් දිනමුද ? (start->AllProgrames->Games->Solitaire)

මෙන්න ක්‍රමය Alt+Shit+2 එකවර ඔබන්න දැං ඔබ ජයග්‍රහණය කලා කියල පෙන්නනව නේද :-)

2. දැන් ෆ්‍රීසෙල් දිනමු බලන්න (start–>AllProgrames–>Games–>Freecell)

දැන් අළුත් වාරයක් ආරම්භ කිරීමට F2 ඔබන්න පසුව Ctrl+Shift+F10 යතුරු එකවර ඔබන්න දැන් user_fridly_user_ interface කියල කවුළුවක් විවෘත්ත උනානෙ නේද ඒකෙ තියෙන Abort කියන එක ඔබන්න දැං ඉතිං දිනන්න කියල කරන්න තියෙන්නෙ කාඩ් එකක් ඇදල උඩට දාන්න විතරයි කොහොමද වැඩේ :)

3. දැන් අපි පින් බෝල් දිනන්නෙ කොහොමද කියල බලමු (start->AllProgrames->Games->Pinball)

ඉහත විදිහට පින්බෝල් විවෘත්ත කරගන්නකො ඊට පස්සෙ පින්බෝල් කවුලුව මත click කරන hidden test කියල ටයිප් කරල Enter යතුර ඔබන්න. ඔයාල hidden test කියල ටයිප් කරනකොට අකුරු පේන්නෙ නැති වුනා කියල කමක්නෑ හරියට අකුරු ටික ටයිප් කරල Enter කරන්න. දැං බලන්න පින්බෝල් වල බෝලය අපිට ඕන විදියට මවුස් එක Click කරගෙන අරන් යන්න පුළුවන් (Drag)


1. අපි Game කීපයක් දිනුවනෙ  දැං බලමු තවත් දෙයක් නෝට් පෑඩ් එකක් විවෘත්ත කර ගන්නකො (Start>All_Programes—>Accessories–>Notepad)

විවෘත්ත කරගත්ත නෝට් පෑඩ් එකේ bush hid the facts කියල ටයිප් කරල ඒක Save කරන්න දැං Close කරල නැවත එම ගොනුව විවෘත්ත කර වෙනස බලන්න කෝ අපි ටයිප් කරපු bush hid the facts කියන එක ඒක අතුරුදහන් වෙලා නේද

ශ්‍රී ලංකාවට තවත් ජයක්….

Posted by සුදර්ශන | Posted in අපේ සිංහල කම, රණ බිම, ශ්‍රී ලංකාව | Posted on 29-05-2009

එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනා වැඩි ඡන්ද ගණනකින් ජය ගැනීමට සමත් විය. මෙහිදී අප ඉදිරිපත් කල යෝජනා වලට පක්ෂව ඡන්ද 29ක්ද විරුද්ධව ඡන්ද 12ක්ද ලැබී ඇති අතර රටවල් 6ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත. මෙම අවස්ථාව වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් රෝහිත බෝගොල්ලාගම අමාත්‍යවරයා පවසා සිටියේ රටවල් කිපයක් විසින් අපට විරුද්ධව චෝදනා ඉදිරිපත් කර අප ජාත්‍යන්තර වශයෙන් හුදකලා කිරීමට ගත් උත්සාහය අප විසින් පරාජය කළ බවයි. යම් හෙයකින් මෙම චෝදනා වලට ශ්‍රී ලංකාව පරාජය වූවා නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සම්බාධක පැන වීමක් වුවද සිදු වීමට තිබුණි. මෙය ජයග්‍රහණය කිරීමෙන් තව දුරටත් ශ්‍රී ලංකා ර‍ජයේ ස්ථාවරය පැහැදිලි වේ.

ජන ගාතක ප්‍රභාකරන්ගේ මරණයේ සංස්කරණය නොවූ දර්ශන තව දුරටත්..

Posted by සුදර්ශන | Posted in රණ බිම, වංචා | Posted on 27-05-2009

ජන ගාතකයාගේ මරණයේ තවත් දර්ශන මුල් පිටු‍වේ  ඇතුලත් කර ඇත. මෙපමණ අපරාද කළ සාහසිකයාට මෙසේ මිය යන්නට දීම සාධාරනද? අපේ සොල්දාදුවන්  අත්අඩංගුවට ගත් විට කෘර වධ හිංසා වලට ලක් කරන බව අප හොඳින් දන්නා කරුණකි මොහුට එම දුක විඳීමට නොදීම වරදකි නමුත් කෙසේ හෝ මේ සාහසිකයා මරා දැමීම මුළු මහත් ලෝකයටම කළ සේවයකි. රණ විරුවණි ඔබට  අප සදා ණය ගැති වෙමු.

http://sudarshana.myblog.lk/?p=242

ජන ගාතකයාගේ මරණයේ සංස්කරණය නොවූ දර්ශන

Posted by සුදර්ශන | Posted in රණ බිම | Posted on 25-05-2009

හමුදා ප්‍රහාර හමුවේ අවසන් ගමන් යන කොටි නායකයාගේ මරණය කුමාරන් පද්මනාදන් (KP) විසින් නිළ වශයෙන් පිළිගෙන ඇති අතර දින 7ක ශෝක කාලයක්ද සංවිධානය විසින් නම් කර ඇතැයි ප්‍රකාශ කර ඇත. ඔහු විසින් ප්‍රකාශ කරන අන්දමට කොටිනායකයා සමග ඔහුගේ දියණියද මිය ගොස් ඇත නමුත් බිරිඳ හා දියණිය ගැන වාර්ථා වී නැත. කෙසේ නමුත් කොටි හිතවාදී මාධ්‍යක් වන tmailnet මගින් තවමත් තම නායකයාගේ මරණය නිළ වශයෙන් භාරගෙන නැත. අප රටෙන් ඇසෙන වාර්තා අනුව තිස්වසක් මුළු‍ල්ලේ ඊලාම් රාජ්‍යයක සිහින දුටු ප්‍රභාකරන්ගේ මළ කඳ භාර ගැනීමට හො හඬ නගන කොටි හිතවාදීන් ඉදිරිපත් වී නැත. එම සාහසිකයාගේ මළ සිරුර යුධ භූමියේම වළ දැමීම රජය විසින්ම සිදු කර ඇත.

මිය ගිය ප්‍රභාකරන් මිය නොගිය බව ඔප්පු කිරීමට හදන කොටි හිතවාදීන් තවමත් සිහින ලෝක වල ජීවත් වන බව පැහැදිලි වේ. පහත රූපයන් දෙස බලන්න

මෙසේ ලබාගත් අපේ නිදහස තවත් අර්ථාන්විත කරමු….

Posted by සුදර්ශන | Posted in අපේ සිංහල කම, රණ බිම | Posted on 24-05-2009

ර‍ට ජාතිය බේරාගත් වීරොදාර රණ විරුවණි ඔබට අප සදා නය ගැති වෙමු. රටක් ජාතියක් වශයෙන් ‍අප විසින් කිරීමට යුතුකම් බොහෝය

අප වෙනුවෙන් දිවි පුදකල අප වෙනුවෙන් ආබාධිත එක් රණ විරු පවුලකට අපි සහයොගය දැක්විමට අධිටන් කර ගනිමු.

ඔබටත් අපේ විරු පවුලක දරුවකුගේ අනාගතය රැකදීමට දායක විය හැක. වැඩි තොරතුරු හා අනුග්‍රහය පහත වෙබ් අඩවියට ලබා දෙන්න. ලබා ගත් නිදහස ලබා දුන් නිදහස බන්දේසියක් මතින් නොව අපේ ජීවිත දහස් ගණනක් අපට අහිමිව ලැබුවකි. මේ නැති වු ජීවිත මෙසේ දුබල වූ ජීවිත වලට ශක්තියක් වීම අප සැමගේ යුතුකමකි ශ්‍රී ලාංකිකයන් වශයෙන් සැවොම එක් වෙමු රොක් වෙමු. මෙසේ ලැබූ නිදහස අර්ථාන්විත නිදහසක් කිරීමට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ වැනි සියළු ජන කොටස් ශ්‍රී ලාංකිකයන් වශයෙන් එක් වී ‍නැගෙන ජ්‍යාත්යන්තර බලවේග මැඩලමු. අපේ රට ගොඩ නගමු.

http://ranavirufund.org/ranaviruchildren.html

සිවු මහ බඹුන්
දුන් විවරණින්
අපටත් රජෙක් පහලව ඇතේ
ඒ මහ රජුන්
පෑ පෙලහරින්
මේ දෙරණ එක්සේසත් කලේ
මේ දෙරණ එක්සේසත් කලේ
ආයුබෝවේවා.. මහරජාණෙනී….

යාපා පටුණ උතුරින්
දකුණේ දෙවුන්දර තුඩුවෙන්
නැගුනු දුක් සෝ සුසුම් නිවමින්
සමගි බල මහිමෙන්
දෙස් විදෙස් අභියෝග බිඳහල
මහරජාණෙනී
ආයුබෝවේවා.. මහ රජාණෙනී….

නැගෙනහිර අබිමන්
සුපසත් උදානය ගෙන දුන්
උතුරුකරයට වසන්තය දී
දෙරණ දිනු දෙවිඳුන්
දෙස් විදෙස් ඇස් මවිතකරවයි
මහරජාණෙනී
ආයුබෝවේවා.. මහරජාණෙනී….

සිවු මහ බඹුන්
දුන් විවරනින්
අපටත් රජෙක් පහලව ඇතේ
ඒ මහ රජුන්
පෑ පෙලහරින්
මේ දෙරණ එක්සේසත් කලේ…//
ආයුබෝවේවා.. මහරජාණෙනී……///

Posted by සුදර්ශන | Posted in බුදු දහම | Posted on 08-05-2009

සුභ වෙසක් මංගල්‍යයක් වේවා………

.

We

පූජ්‍ය අත්තරගම පඤ්ඤාසාර හිමිගේ දේශනා…

පිරිස් ඇසීම සඳහා……….

පෝය බණ………………

වෙසක් දන්සල…………..